
(Pulau Kenawa Island)
ඉන්දුනීසියාවේ පිහිටා තිබෙන ඉතාම සුන්දර දූපතක් වන මෙය ශ්‍රි ලංකාවේ හැඩයට ඉතාමත් සමීපයි. මෙය සංචාරක ආකර්ෂණය දිනාගත් පෞද්ගලික දූපතක් වන අතර ඉතාලි ජාතිකයෙකු විසින් මෙහි කළමනාකරණ කටයුතු සිදු කරනු ලබයි.
කෙනාවා දූපත බොහෝ දුරට ඉන්දුනීසියානු දේශීය සංචාරකයින් අතර ප්‍රචලිත වී ඇත්තේ එහි සුවිශේෂී භූ ලක්ෂණ නිසාය. මෙම දූපත ප්‍රධාන වශයෙන් කන්දකින් සමන්විත හෙක්ටයාර 13.8 ක භූමි ප්‍රමාණයක් සහිත තෘණ භූමියකි.
මේ කන්ද තරණය කරනු ලැබුව හොත් වටේ තියෙන මුහුද සහ අනික් දූපත් බොහොම ලස්සනට බලාගන්න පුළුවන්.
කෙනාවා දූපතේ මුහුදු ජලය ඉතාමත් පැහැදිලි වේ. එම නිසා දිය යට දර්ශන ඉතා සුන්දර ලෙස ගැනීමටත්, කඳවුරු බැඳීමට, සාගරය මැද තරු අහස යට රාත්‍රියක් භුක්ති විඳීමට සංචාරකයින් බොහෝසෙයින් මෙහි පැමිණේ.